(2010 ජූලි 26) - ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා එල්ලව ඇති ‘සුදුකොඩි’ නඩුව විභාගයට ගැනීම ජූලි 29 වැනිදා සිදුකෙරේ.නීතිපතිවරයා විසින් ඒ සඳහා ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කොට ඇති නිසා එදිනට නඩුව විභාග කරන ලෙසට කොළඹ මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළේ්ය.
අවසන් යුද්ධයේදී සුදුකොඩි රැුගෙන යටත් වූ කොටි සාමාජිකයින් මරාදමන ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා ‘දි සන්ඬේ ලීඩර්’ පුවත්පතට පැවසූවේ යැයි එමඟින් චෝදනා එල්ලව තිබේ.
දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.ටී.ඇම්.පී.බී වරාවැව හා එස්. රෂීම් යන විනිසුරුවන් විසින් එම නඩුව විභාග කරනු ඇත.
