(2010 ජූලි 26) - ඉරානයේ මතභේදාත්මක න්‍යෂ්ටික වැඩපිලිවෙලට බාධා කිරීමේ පියවරක් වශයෙන් යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අද එරට බලශක්ති ක්‍ෂේත‍්‍රයට එරෙහිව දැඩි සම්බාධක පැනවීය.ඉරාකයේ හදවත වැනි තෙල් හා ගෑස් කර්මාන්තයට විදේශයන් සමග ගනුදෙනු කිරීම එමනිසා අසීරු වනු ඇත.
යුරෝපා සංගමයේ විදේශ ඇමතිවරුන් විසින් එකඟ වී ඇති මෙම සම්බාධක කිසියම් රටකට එරෙහිව ඔවුන් විසින් පනවා ඇති ඉතාම දැඩි පියවර බව වාර්තා වේ.
