(2010 ජූලි 26) - හෙට සිට පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ වර්ජනය අත්හැර දමා ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන් පවසයි.පළාත් ප‍්‍රවාහන ඇමති උපාලි කොඩිකාර මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ඇතිකරගත් එකඟත්වය මත එම පියවර ගත්බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී.
ඒ අනුව, මාර්ග ධාවන බලපත‍්‍රයක් සඳහා වන අයකිරීම රු. 500 ක් දක්වා අඩුකෙරෙනු ඇත.
ඊට අමතරව, තවත් ඉල්ලීම් කිහිපයක් ලබාදීමට ඇමතිවරයා එකඟ වූ බව විජේරත්න මහතා පවසයි.
