(2010 ජූලි 27) - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ මහනුවර පිහිටා ඇති නිවෙස සහ අවට තවත් නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කළ බව කියන අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.එම නිවෙස්වලින් ඔහු රු. මිලියන තුනකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
එසේ සොරාගත් භාණ්ඩ හා මුදල්වලින් කොටසක් සොයාගෙන ඇත.
හතළිස් දෙහැවිරිදි සැකකරු වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසේ.
