(2010 ජූලි 27) - ඉන්දීය බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ශී‍්‍ර ලාංකික ධීවරයින් 50 දෙනෙකු හා ඔවුන්ට අයත් ධීවර යාත‍්‍රා 18 ක් මුදාහැර තිබේ.එම පිරිස් පසුගිය වසරේදී තංගල්ල, ති‍්‍රකුණාමලය, දෙවිනුවර හා මීගමුව ප‍්‍රදේශවලින් පිටත්ව ගොස් ඇත.
ශී‍්‍ර ලාංකික ධීවරයින් 113 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු 32 ක් තවමත් ඉන්දීය අත්අඩංගුවේ පසුවන බව ධීවර කටයුතු අමාත්‍යංශය කියයි.
