(2010 ජූලි 27) - එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට විරෝධය දැක්වීම සඳහා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිටදී ඊයේ සවස සිය සිරුරට ගිනි තබාගත් 60 හැවිරිදි රියන්සි අල්ගම මහතා පිලිස්සුම් තුවාල හේතුවෙන් මියගොස් තිබේ.අභාවප‍්‍රාප්ත මේජර් ජනරාල් ලකී අල්ගම මහතාගේ ඥාතියෙකු බව කියන ඔහුු අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.
ඔහුගේ සිරුර මේ වන විට රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.
ඔහු එජාප මූලස්ථානයෙන් පිටතට විත් තම සිරුරට පෙට‍්‍රල් වත් කරගෙන ගිනි තබාගෙන තිබේ.
මුලින්ම අල්ගම මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර, පසුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
