(2010 ජූලි 27) - තමිල්නාඩු ප‍්‍රාන්ත මහඇමති එම් කරුණානිධිගේ ඉල්ලීමකට අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව තිබෙන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිංගේ නියෝජිතයෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එම නියෝජිතයා මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා හා ශී‍්‍ර ලංකා බලධාරීන් සමග සාකච්ඡුා පවත්වනු ඇත.
තමිල්නාඩු මහඇමතිවරයා පසුගියදා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින නියම තත්ත්වය සොයා බැලීමට නියෝජිතයෙකු යවන ලෙසටයි.
