(2010 ජූලි 27) - දෙරණ රූපවාහිනී නාළිකාව මඟින් මෙහෙයවනු ලබන 360 වැඩ සටහනට සහභාගී වී රටේ දැවෙන ප්‍රශ්න කිසිත් ගැන කථා නොකර, පක්ෂයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳ අතිශයෝක්තියෙන් කථා කළ ලක්ෂ්මන් සෙනෙවිරත්න වැනි දෙබිඩ්ඩෙකු තවත් පක්ෂය තුළ තියාගෙන් සිටින්නේ නැති ප්‍රශ්න ඇති කර ගැනීමට දැයි එකසත් ජාතික පක්ෂ නායකත්වයෙන් පාක්ෂිකයින් විමසා සිටී. විපක්ෂයේ සියළු පක්ෂ එකමුතු වී ජෙනරාල් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා වශයෙන් පසු ගිය ජනපතිවරණයට ඉදිරිපත් කිරීමත් සමඟම ඊට විරුද්ධව පක්ෂයත්, රටත් තුළ විරෝධතා ගොඩ නැගීමට මුල් වී ක්‍රිය කළ ලක්ෂ්මන් සෙනෙවිරත්න වැන්නෙකු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කාරිකයෙක් ද නැත් ද යන්න පිළිබඳව පාක්ෂිකයන් වශයෙන් තමන්ට දැඩි සැකයක් මතුව ඇති බව ඔවූහු කියති.මීට අමතරව අදාළ මන්ත්‍රීවරයා විසින් පසු ගිය මහ මැතිවරණය ආසන්නයේ තම හිතවතුන් කිහිප පොළකට කරන ලදැයි කියන ප්‍රකාශයක් ද (දිනුවොත් මම එජාපෙන් මන්ත්‍රී නැත්නම් මහින්ද මාව ජාතික ලයිස්තුවෙන් ඇතුලට දානවා) කරළියට මතු වීමත් සමඟම ඔහු පිළිබඳ සැකය තීව්‍ර වී ඇතැයි පැවසේ.
එජාප නායකත්ව අර්බුදය පිළිබඳ අදහස් දැක්වූ බොහෝමයක් දෙනා කියා සිටියේ “අපිට ප්‍රශ්නෙ නායකය ගැනවත්, පක්ෂ අර්බුදය ගැනවත් නෙවෙයි, දැන් ප්‍රශ්නෙ රැකියා නැති වෙන එක, පඩි වැඩි වෙන්නේ නැති එක, ආණ්ඩුවේ පිස්සු නැටීම්” බවයි. තවද “නායකයා දුර්වලයි කියා ජනතාව තුළ මතයක් ඇති කලේ ලක්ෂ්මන් වැන්නවුන් බවද, කෙනෙකුට ඇඟිල්ලක් දික කරනට පෙර තමන් දෙසට ඇඟිලි පහක් දිකව ඇති බව වත් ලක්ෂ්මන්ට කියා දෙන්නට තරම් මොළයක් සජිත් කල්ලියට නැත්දැයි ඔවූහු ප්‍රශ්න කරති.
