Home News ලක්ෂ්මන්, සජිත් කල්ලිය පක්ෂ අර්බූදය පෙන්වා රටේ ප්‍රශ්න අමතක කරවන්න හදනවා…

ලක්ෂ්මන්, සජිත් කල්ලිය පක්ෂ අර්බූදය පෙන්වා රටේ ප්‍රශ්න අමතක කරවන්න හදනවා…

Sajith_Premadasa.img_assist_custom(2010 ජූලි 27) -  රාජපක්ෂ සහෝදරයන්ගේ පූර්ණ අනුග්‍රයෙන් සජිත් කල්ලිය විසින් දියත් කර ඇති පක්ෂ අර්බූදය වනාහි තවත් එක නාටකයක් බවත්, මෙවන් නාටක තුළින් සිදුවන්නේ රියෙන්සි අල්ගම වැනි තවත් චරිත ඉදිරියට පැමිණීම බවත් ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. පවතින තත්වය සජිත් කල්ලියට ඉතාම අවාසිදායක බවත්, ඔවුන් හදන්නේ බොරු බියක් නිර්මාණය කර සිය පිය කළා මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයකට පක්ෂයේ බලය ඇල්ලීම බවත් ඔවුන් පෙන්වා දෙනවා. එදා ජේ ආර් ලලිත් හෝ ගාමිණී දෙදෙනාගෙන් එක්කෙනෙක් ජනාධිපති අපෙක්ෂකයා ලෙස නම් කරනට සූදානම් වූ බවත්, එසේ කළ හොත් පක්ෂය දෙකඩ කරන බවට තර්ජනය කර පක්ෂයේ බලය අල්ලා ගත් බවත්, එසේ කර සිය විරුද්ධවාදීන් තුවක්කුවේ බලයෙන් මෙල්ල කළ බවත් ඔවූහු පෙන්වා දෙති. එදා ප්‍රේමදාස කළ දේම අද ඔහුගේ පුතණුවන් කරමින් සිටින බවත්, පියා ගිය අඩි පාරේම යනවා මිසක ඊට එහායින් කිසි දෙයක් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකි බවත්, මහින්ද දී සජිත් ගැනීම යනු ඉඟුරු දී මිරිස් ගත්තාට වඩා හපන් දෙයක් වනවා මිස ඊට වඩා හොඳ දෙයක් නොවන බවත් ඔවූහු කියති.

එක්සත් ජාතික පක්ෂය තුළ ඩී.එස්, ඩඩ්ලි, සර් ජෝන්, ජේ ආර්, ගාමිණී, ලලිත් වැනි පතාක යෝධයන් සිටි බවත්, එදා ගාමිණී සහ ලලිත් නොහිටින්නට ප්‍රේමදාස ජනපතිවරණයේදී කුජීත වන්නට තිබූ බවත් මේ කිසිවක් නොදන්නකු ලෙස සජිත් කථාකිරීම තුළින්ම ඔහුගේ කුහක කම මනාව පිළිඹිබු වන බවත් ඔවූහු කියති.

වගකිවයුතු විපක්ෂයක් ලෙසට එජාපේ කළ යුතුව ඇත්තේ රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඇහීරීමට කටයුතු කිරීම වුවත්, මෑත අතීතයේ සිදු වූයේ එය නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙවන් තත්වයක් තුළ පක්ෂය දිය වීම ශීඝ්‍ර වන අතර ජයග්‍රහණය කෙසේ වෙතත් පාක්ෂිකයා ඡන්ද පොළට ගෙන්වා ගැනීම පවා ඔවුනට අපහසු කරුණක් වනු ඇත.

සජිත්ලා හැමදාම කලේ අහින්සක පාක්ෂිකයින්ගේ මරණ උඩින් ජය පැන් බීම බවත්, එවන් අයෙකුට ජාතික තලයේ තබා ප්‍රාදේශීය මට්ටමේ නායකයකු වීමට තරම්වත් සුදුසු ගති ගුණ නැති බවත් බොහෝ දෙනාගේ මතයයි. සජිත් පක්ෂ නායකයා ලෙසට ඉදිරියට ගැනීමට රාජපක්ෂ සහෝදරවරුන් මෙතරම් කැස කවන්නේ වෙන කිසිවක් නිසා නොව, තම කඳවුර තව තවත් ශක්තිමත් කර ගැනීමට බව තතු දත් පුද්ගලයින්  කියා සිටී.

මෙතෙක් කල් ආණ්ඩුවට එජාප නායකත්වය වෙත දූෂණ චෝදනා, බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනා, මුදල් වංචා සහ සොරකම් චෝදනා එල්ල කිරීමට නොහැකි වූ බවත්, සජිත් කල්ලිය බලය අල්ලා ගත්තොත් එයද අපහසු නොවන බවත්, එජාපෙට සදා විපක්ෂයේ සිටින්නට යෝගයක් ඉන් උදා වනු ඇති බවත් ඔවූහු කියති.

දේශපාලන විචාරකයින්ට සහ බුඩ්දිමතුන්ට අනුව විපක්ෂය තුළ විය යුත්තේ;

1. තම නියෝජිතයින් පක්ෂ මාරු කරණ අවස්ථාවකදී නෙරපා හැර ඊ වෙනුවට වෙනත් අයෙකු පත් කර ගැනීමේ ක්‍රම වේදයක්…
2. රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී එකාධිපති ගමන නැවැත් වීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක්…
3. සියළු දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහා වූ ක්‍රියා පටි පාටියක්..
4. රජයේ දූෂණ සහ වංචා මහජනයාට දැන ගැන්වීමට සැලැස්වීමේ වැඩ පිළිවෙලක්…
5. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් (අධ්‍යාපන, දේශපාලන නිදහස, කථාකිරීමේ නිදහස…) රැක ගැනීම සඳහා වූ ව්‍යාපාරයක්…
 

Car Advertising - Free

Vehicleweb.lk gives you opportunity to sell your car free of charge. No worries or hassles with internet credit card payments, no hidden charges. This offer will always be available when you come and visit Vehicleweb.lk. This is our promise to every Sri lankan private car seller. Fur...thermore every free vehicle ad can include up to 05 auto images and you can readvertise your car as many times as you wish.
Easy steps to sell your car with vehicleweb.lk

Search Used Vehicle's in Sri Lanka
www.vehicleweb.lk
etisalat_ad

Copyright @ 2010 LankaNewsRoom Network
Contact Us - editor@lankanewsroom.com
Thushara Ferdinandis

0712 80 3000