(2010 ජූලි 27) - තම වැටුප් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද සංකේත වැඩවර්ජනයක් පැවැත්වීය.අගෝස්තු 10 වැනිදාට පෙර වැටුප් වැඩිකිරීමක් ලබා නොදෙන්නේ නම් තම පරිපාලන රාජකාරිවලින් ඉවත්වන බවට ඔවුන් බලධාරීන්ට අනතුරු අඟවා තිබේ.
එය සියයට 25 සිට 50 දක්වා වියයුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සරසවි ආචාර්යවරු පැවසූහ.
මීට වසර දෙකකට පෙර සිට වැටුප් වැඩිකිරීමක් ලබාදීමට පොරොන්දු වී සිටින රජය එය මෙතෙක් ඉටුකර නොමැති බවට ඔවුන් චෝදනා කර සිටී.
