(2010 ජූලි 27) - වව්නියාව නගරයේ වෙළඳ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යෑමට විරෝධය පළකරමින් දෙපැයක උද්ඝෝෂණයක් අද පැවැත්විණ.නගරයේ කඩසාප්පු වසාදමමින් හර්තාලයක් පැවැත්වූ වෙළඳසැල් හිමියන් පැහැරගැනීමට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නොහැකි බවට චෝදනා කර සිටියේය.
එම වෙළඳසැල් හිමියා පැහැරගෙන යෑමට හේතුව වන්නේ ඉල්ලා සිටි රු. 600,000 කප්පමක් ලබා නොදීම බව වාර්තා වේ.
