(2010 ජූලි 27) - කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද ශී‍්‍ර ලංකා පිල කඩුළු හතරකට ලකුණු 642 ක් ලබා තම මුල් ඉනිම අත්හිටුවීය.දිනය අවසන් වන විට ඉන්දියාව කිසිවෙකු නොදැවී ලකුණු 95 ක් ලබා සිටියේය.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් නායක කුමාර් සංගක්කාර ලකුණු 219 ක් ලබාගත් අතර, එය ඔහුගේ සත්වැනි ද්විත්ව ශතකය වේ.
ඔහුට වඩා ද්විත්ව ශතක රැස්කොට ඇත්තේ ශී‍්‍රමත් දොන් බ‍්‍රැඞ්මන් (12 ක්) හා බ‍්‍රයන් ලාරා (නවයක්) පමණි.
මේ අතර, මෙම කී‍්‍රඩාංගනයේ තම 10 වැනි ශතකය වාර්තා කළ මහේල ජයවර්ධන එක් කී‍්‍රඩාංගනයකදී වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තා කල පිතිකරු බවට පත්විය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඕස්ටේ‍්‍රලියාවේ එම්සීජී කී‍්‍රඩාංගනයේදී ටෙස්ට් ශතක නවයක් ලබාගත් බ‍්‍රැඞ්මන් ය.
