(2010 ජූලි 27) - ජපානය සමඟ පවතින සමීප මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් හා ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් මේ දිනවල එරට පස්දින සංචාරයක නිරතව සිටී.
ජපාන නායකයින් සමග සාකච්ඡුා පවත්වමින් සිටින ඔවුන් එරට ඉඩම්, යටිතල පහසුකම්, ප‍්‍රවාහන හා සංචාරක අමාත්‍ය සෙයිජි මයිහාරා මහතා සමග හමුවක් සිදුකොට තිබේ.
එහිදී ශී‍්‍ර ලංකා ඇමතිවරුන් දෙදෙනා පවසා ඇත්තේ, දිවයිනේ ක්‍ෂේත‍්‍ර විශාල සංඛ්‍යාවක පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජපාන ආයෝජකයින්ට විශාල දායකත්වයක් ලබාදිය හැකි බවයි.
ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙන නිසා ශී‍්‍ර ලංකාවට සීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවස්ථාව උදාවී ඇතැයි ඔවුන් දෙදෙනා පෙන්වා දී ඇත.
විශේෂයෙන් සංචාරක හා හෝටල් ක්‍ෂේත‍්‍රයන්හි විශාල ආයෝජනයන් සිදුකල හැකි බව ඔවුන් අවධාරණය කර ඇති අතර, ශී‍්‍ර ලංකාවේ යටිතල පහසුකම් හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ජපානය තවදුරටත් සහාය ලබාදෙන බවට අමාත්‍ය මයිහාරා ප‍්‍රතිඥා දී තිබේ.
යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කරලීම සම්බන්ධයෙන් ඇමතිවරුන් දෙදෙනා ජපාන ඇමතිවරයා දැනුවත් කොට ඇත.
එමෙන්ම, ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඔවුන් දෙදෙනා මයිහාරා මහතාට ආරාධනා කොට තිබේ.
හිටපු ජපාන අගමැති යසුවෝ ෆුකුඩා මහතා සමඟ හමුවක් පවත්වා ඇති ජීඑල් පීරිස් හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්, එරට විදේශ ඇමති කට්සුයා ඔකඩා මහතා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


