(2010 ජූලි 28) -ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී රු. කෝටි 4,000 ක පාඩුවක් ලබනු ඇතැයි ගණන් බලා තිබේ.එහි පාඩුව 2009 දී රු. කෝටි 11,000 ක් හා 2008 දී රු. කෝටි 3,300 ක් විය.
ඒ අනුව, වසර තුනක කාලයකදී විදුලිබල මණ්ඩලය රු. කෝටි 8,400 ක් පාඩු ලබා තිබේ.
මේ අතර, විදුලිබල මණ්ඩලය වාර්ෂිකව උපයන රු. කෝටි 12,0000 න් රු. කෝටි 9,000 ක්ම වැයවන්නේ පෞද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමට බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම මුදල සමස්ත ආදායමෙන් සියයට 75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව ඔහු පෙන්වා දෙයි.
ඒකකය රු. 11 ත් 26 ත් අතර මිල ගණන්වලට එසේ විදුලිය මිලදී ගැනීමට සමාගම් සමඟ 2026 දක්වා ගිවිසුම් අත්සන් කර ඇතැයි ඇමතිවරයා කියයි.
