(2010 ජූලි 28) - ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය හා ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කළ 2009 වසර සඳහා වන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්විණ.එහිදී වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය ‘ලක්බිම නිව්ස්‘ හි නමිනි විජෙදාසට හිමිවිය.
වසරේ සුවිශේෂ වාර්තාව සඳහා වන සම්මානය ‘දි සන්ඬේ ටයිම්’ පුවත්පත දිනාගත්තේය.
තරුණ වාර්තාකරු ‘රාවය’ පුවත්පතේ සුරේඛා සංජීවනී සමරසේනටද හොඳම ඡායාරූප ශිල්පියා වශයෙන් ‘ඬේලි මිරර්’ හි සමන්ත පෙරේරා ද සම්මාන ලැබූහ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන ආතර් යූ අමරසේන, මරුකාප්පු වල්ලිපුරම් කානමයිල්නාදන්, සිරිලාල් කොඩිකාර, ආනන්දි බාලසිංහම් හා එම්එස්එම් මන්සූර් දීර්ඝ සේවා සම්මානයෙන් පුද ලැබීය.
මාධ්‍ය නිදහස රැුකගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් උපාලි තෙන්නකෝන්, ජේඑස් තිස්සනායගම්, පෝද්දල ජයන්ත, එන් විද්‍යාදරන් හා ඝාතනය වූ ලසන්ත වික‍්‍රමතුංග හට සම්මාන හිමිවිය.
