(2010 ජූලි 28) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වශයෙන් කොරියානු ජාතික බැන් කි මූන් මහතා නැවත තරඟ කළහොත් ඔහුට එරෙහි වීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.ඔහුට විරුද්ධ තවත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීම රජයේ බලාපොරොත්තුව බව පැවසේ.
ඉන්දියාව, රුසියාව, බ‍්‍රසීලය හා චීනය වැනි රටවල් බැන් කි මූන් මහතාට එරෙහි රටවල් ලෙසින් සැලකේ.
ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කිරීමට එජා මහලේකම්වරයා ගත් පියවර රජයේ දැඩි අප‍්‍රසාදයට හේතු වී තිබේ.
ඔහුගේ නිල කාලය 2011 දෙසැම්බර් 31 දා අවසන් වේ.
