(2010 ජූලි 28) - ස්පාඤ්ඤයේ කැටලෝනියා ප‍්‍රාන්තය ගවපොර කී‍්‍රඩාව තහනම් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට යයි.ඒ සඳහා වන පුද්ගලයින් 180,000 ක් දෙනා අත්සන් කළ පෙත්සමක් එම ප‍්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.
එම ඉල්ලීම ජයගත හොත් ගවපොර කී‍්‍රඩාව තහනම් කරන ස්පාඤ්ඤයේ පළමු ප‍්‍රාන්තය බවට කැටලෝනියාව පත්වනු ඇත.
සාම්ප‍්‍රදායික කී‍්‍රඩාවක් වන එය තහනම් කිරීමෙන් දහස් ගණනකට ජීවන වෘත්තීය අහිමි වන බව එම කී‍්‍රඩාවට පක්‍ෂ වූවන් පවසයි.
කෙසේ වෙතත්, එය අමානුෂික කී‍්‍රඩාවක් බව බොහෝ දෙනා කියා සිටී.
