(2010 ජූලි 28) - වැලිකඩ බන්ධනාගාරය වැල්ලවාය ප‍්‍රදේශයට ගෙනයෑමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමති ඩිව් ගුණසේකර මහතා කියයි.අක්කර 40 ක භූමිභාගයක පිහිටා ඇති එම බන්ධනාගාරය කොළඹ නාගරික ප‍්‍රදේශයේ පවත්වාගෙන යෑම අර්ථාන්විත නොවන බව ඔහු පවසා සිටී.
එම භූමිය භාණ්ඩාගාරයට ලබාදී මුදල් ලබාගෙන බන්ධනාගාරය වැල්ලවාය ප‍්‍රදේශයේ ස්ථාපිත කරන බව ඇමතිවරයා පවසයි.
අවශ්‍ය භූමිය හඳුනාගැනීම සඳහා වන මූලික කටයුතු දැන් සිදුවන බව ඔහු පවසයි.
බෝගම්බර බන්ධනාගාරය ද පල්ලේකැලේ ප‍්‍රදේශයට ගෙනයෑමට පියවර ගෙන තිබේ.
