(2010 ජූලි 28) - ශී‍්‍ර ලංකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අද අවසන් වන විට ඉන්දීය පිල කඩුළු හතරකට ලකුණු 382 ක් ලබා සිටියේය.ඒ, ශී‍්‍ර ලංකා පිල කඩුළු හතරකට ලබාගත් ලකුණු 642 කට පිළිතුරු වශයෙනි.
සචින් තෙන්දුල්කාර් නොදැවි ලකුණු 108 ක් හා සුරේෂ් රයිනා නොදැවී ලකුණු 66 ක් ලබාසිටින අතර, විරේන්ද්‍ර ෂේවග් ලකුණු 99 කට දැවී ගියේය.
අජන්ත මෙන්ඩිස් හා සුරාජ් රන්දිව් කඩුළු දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.
