(2010 ජූලි 28) - දෙරටෙහි සංචාරක කර්මාන්තයන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජීඑල් පීරිස් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් ඊයේ ජපාන සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ ප‍්‍රධානී අකිරා කනෙයි මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඇමතිවරුන් දෙදෙනා එහිදී කනෙයි මහතාට පවසා ඇත්තේ, දිවයිනේ සංචාරය කරන්නන් සඳහා පාරිසරික, ආගමික හා ආයුර්වේද ප‍්‍රතිකාර වැනි විශේෂිත අංගවල වැදගත් සේවා හඳුන්වා දෙන බවයි.
බි‍්‍රතාන්‍යය හා ඇමෙරිකාව වැනි රටවල් මේ වන විට ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට තම ජාතිකයින් දිරිගන්වන නිසා, ජපාන නියෝජිතයින් ද දිවයිනේ සංචාරය කොට වත්මන් තත්ත්වය පිළිබඳව නිගමනයකට එළැඹෙන ලෙසට ඔවුන් කියා සිටියේය.
ශී‍්‍ර ලංකාවට සංචාරය කිරීම සඳහා ජපාන සංචාරකයින් තවදුරටත් දැනුවත් කළයුතු බව කනෙයි මහතා මෙහිදී පෙන්වා දී ඇත.
ජීඑල් පීරිස් හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි හා ජපාන ප‍්‍රජාතන්ත‍්‍ර පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති හජිමේ ඉෂි යන මහත්වරුන්ද හමු වූහ.

