(2010 ජූලි 29) - පිරිසිදු ජලය හා සනීපාරක්‍ෂක පහසුකම් ලබාගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.ඒ සම්බන්ධයෙන් වන බැඳීම් නොමැති යෝජනාවක් එජා සංවිධානයේදීි ඉදිරිපත් වූ අතර, ඊට පක්‍ෂව රටවල් 122 ක් ඡන්දය ප‍්‍රකාශ කල අතර, කිසිදු රටක් එරෙහිව නොවීය.
තවත් රටවල් 41 ක් ඡන්ද විමසීමට සහභාගී නොවීය.
එම රටවල් පවසන්නේ, ජලය පිලිබඳ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එජා මානව හිමිකම් කවුන්සිලයේ එකගත්වයක් ඇතිකර ගැනීමට මෙම යෝජනාව අහිතකර බලපෑමක් සිදුකරනු ඇති බවයි.
වසරක් පාසා අවුරුදු පහට අඩු වයස් ළමුන් මිලියන 1.5 ක් පමණ පිරිසිදු ජලය හා සනීපාරක්‍ෂක පහසුකම් නොමැති කමින් මියයයි.
