(2010 ජූලි 29) - හඟුරන්කෙත පොලිස් ස්ථානාධිපතිවරයාට 2001 දෙසැම්බර් මාසයේදී තර්ජනය කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියාව සිටි නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න ඇපපිට නිදහස් වෙයි.නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව සිව් අවුරුදු සිරදඬුවමක් පනවා තිබෙන අතර, ඔහු ඊයේ කොළඹ මහාධිකරණයේදී ඊට එරෙහිව අභියාචනයක් ගොනු කලේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා රු. 200,000 ක මුදල් ඇපයක් හා රු. 200,000 ක් බැගින් වන ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසට මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා නියෝග කළේය.
