(2010 ජූලි 29) - ලොව පළමු අගමැතිනිය වන අභාවප‍්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුස්මරණය කිරීම සඳහා ‘ස්වාර්ණාභිමාන ආවර්ජන’ නම් වූ උත්සවයක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධූරයට පත්වීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙනි.
ජනාධිපතිවරයා හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින් එම අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිනියගේ ඡායාරූපයකට මල්මාලා පලඳවා ගෞරව දැක්වීය.
තම සැමියා වූ එස්ඩබ්ආර්ඞී බණ්ඩාරනායක 1959 සැප්තැම්බර් මාසයේදී ඝාතනය වීමෙන් පසුව ඇය 1960 දී ශී‍්‍ර ලංකාවේ අගමැතිවරිය බවට පත්වූවාය.
බණ්ඩාරනායක මැතිනිය 2000 දී අභාවප‍්‍රාප්ත වූවාය.
