(2010 ජූලි 29) - විද්‍යා හා තාක්‍ෂණ ක‍්‍රම පිළිබඳව සකස් කළ ජාතික විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රතිපත්තිය අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට භාරදී තිබේ.දේශීය විද්‍යාත්මක පර්යේෂණ ක්‍ෂේත‍්‍රය දියුණු කිරීමට කැපවූ විද්‍යාඥයින්ට ජනාධිපති සම්මාන පිරිනැමීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී එම ප‍්‍රතිපත්තිය පිළිගැන්විණ.
විද්‍යා, තාක්‍ෂණය හා නව සොයාගැනීම් තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මෙම ප‍්‍රතිපත්තියේ පරමාර්ථයයි.
දේශීය සම්පත් උපරිම ලෙසින් දායක කරගනිමින් ඉල්මනයිට්, මිනිරන්, රබර් හා කෘෂිකර්ම නිෂ්පාදන අපනයනය වෙනුවට නවීන තාක්‍ෂණයෙන් නිමකළ ඉහළ තාක්‍ෂණ අපනයන ආර්ථිකයන් ගොඩනැඟීම එහි අරමුණ බව ඇමතිවරයා පවසයි.
