(2010 ජූලි 29) - සුදුකොඩි රැුගෙන යටත් වීමට පැමිණි කොටි සාමාජිකයින් මරාදමන ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා අණ කළ බවට හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පවසා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය අද පළමු වරට පැවැත්විණ.එහිදී ජනරාල්වරයාට චෝදනා පත‍්‍ර භාරදීම සිදු විය.
අදාල ප‍්‍රකාශය ජනරාල්වරයා විසින් ‘දි සන්ඬේ ලීඩර්’ පුවත්පතට සිදු කරන ලදැයි කියැවේ.
ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් විභාගයට ගනු ලබන එම නඩුව සැප්තැම්බර් 27 වැනිදා නැවත වරක් සලකා බලනු ඇත.
එදින වනතෙක් ෆොන්සේකා මහතා යුද හමුදාව භාරයේ බන්ධනාගාරගත කිරීමට නියම විය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන ඔහුට පාර්ලිමේන්තු සැසිවාර හා උපදේශක කාරක සභා සහ පක්‍ෂ නායක රැස්වීම්වලට සහභාගී වීමට ඉඩලබා දෙන ලෙසට ද නියෝග කෙරිණ.
