(2010 ජූලි 29) - කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට ඉන්දීය පිල මුල් ඉනිමේ ලකුණු 27 ක් ඉදිරියෙන් සිටීමට සමත් විය.ඉන්දීය පිල කඩුළු නවයක් දැවී ලකුණු 669 ක් ලබා ගත්තේ, තම ප‍්‍රථම ඉනිම වෙනුවෙන් ශී‍්‍ර ලංකා පිල කඩුළු හතරක් දැවී ලබාගත් ලකුණු 642 ට පිළිතුරු වශයෙනි.
සචින් තෙන්දුල්කාර් ලකුණු 203 කට දැවී ගිය අතර, තම පළමු ටෙස්ට් තරගයට සහභාගී වන සුරේෂ් රයිනා ලකුණු 120 ක් රැස් කලේය.
පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් කඩුළු හතරක්, තිලකරත්න දිල්ෂාන් කඩුළු තුනක් හා සුරාජ් රන්දිව් කඩුළු දෙකක් බැගින් දවාගත්හ.
