එක්සත් ජාතික පක්ෂය විසින් මංගල සමරවීර මහතාගෙන් ද ඉල්ලා අස්වීමේ ලිපියක් ඉල්ලා සිටීමෙන් දෙපාර්ශවය තුළ මත ගැටුමක් ඇතිවී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ප්‍රතිපත්තියක් ලෙස තරඟ කරනු ලබන සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ගැනීමට තීරණය කර තිබේ.
එම ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගෙන්ද ඉල්ලා අස්වීමේ ලිපියක් ඉල්ලා ඇති අතරල එවැනි ලිපියක් ලබා දීමට නොහැකි බව මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශ කිරීමෙන් මෙම මත භේදය හටගෙන ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
