එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක, උතුරු වසන්තය කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (26) සම්පූර්ණ වත්කම් බැරකම් ප්‍රකාශයක් කොළඹ දිසාපතිවරයා වෙත භාර දුන් බව වාර්තා වේ.
මැතිවරණයකදී සෑම අපේක්ෂකයෙක් ම නාමයෝජනා භාර දී මාස 3ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශයක් මැතිවරණ මහලේකම් කාර්යාලයට භාර දියයුතුය.
ලබන අප්‍රේල් 8 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ නාමයෝජනා භාර දීම අදින් අවසන් වූ අතර බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පසුගියදා නාමයෝජනා භාරදී ඇත.
