එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිදහස් සාමකාමී මැතිවරණයක් පවත් වන බවට අද (27) අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්‍රතිඥා ලබා දෙති.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස මෙම ප්‍රතිඥාව ලබාදීමට පෙර අනුරාධපුරයේදී බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් යානාදි ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදු කෙරෙන අතර සෙසු ආගම් සඳහා අනුරාධපුරේ ශාන්ත ජෝන් ආසන දෙව් මැදුරේ, ශ්‍රී කදිරේෂන් කෝවිලේ, මොහිදීන් ජුම්මා පල්ලියේදී ආගමික වතාවත් සිදු කෙරේ.
