Colombo, Mar 01 (LNR) - ලන්ඩන් හිදී පැවති කොටි හිතවාදී සමුළුවකට බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ්ගේ සහභාගීත්වය දැඩි ලෙසින් විවේචනය කර සිටින ජාතික නිදහස් පෙරමුණ, ශී‍්‍ර ලංකාවේ තවත් සිවිල් යුද්ධයක් ඇති වීමට ඉඩ නොදෙන බව බි‍්‍රතාන්‍ය අගමැති ගෝර්ඩන් බ‍්‍රවුන් වෙතට පෙත්සමක් යොමු කරමින් අවධාරණය කරයි.
කොලඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අද මිලිබෑන්ඞ් මහතාට එරෙහිව විරෝධතාවක යෙදුණු ජානිපෙ කි‍්‍රයාකාරීන්, ඔහු කොටි ත‍්‍රස්තවාදයට සහාය දක්වමින් දිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට උත්සාහ කරන බවට චෝදනා කලේය.
පසුගියදා පැවති ගෝලීය දෙමල සංසදයේ එම සමුළුවට සහභාගී වෙමින් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා කියා සිටියේ, එහි පරමාර්ථයන් තමන් අගය කොට සිටින බවයි.
