Colombo, Mar 01 (LNR) - ගෘහස්ත ගෑස් මිලෙහි වෙනසක් ඉදිරි මාස දෙක තුලදී සිදු නොවන බව වෙලඳ හා පාරිභෝගික ඇමති බන්දුල ගුණවර්ධන කියා සිටී.
ෂෙල් හා ලාෆ්ස් ගෑස් සමාගම් සඳහා සහනයක් වශයෙන් කිලෝවකට රු. 8.7 කි වන ගෑස් ආනයන බද්ද ඉවත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
රු. 224 හා රු. 198 වශයෙන් මිල වැඩි කිරීමට එම සමාගම් දෙක පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලූම් කර තිබිණ.
