ගම්පහ දිස්ති‍්‍රක්කයේ නිදහස් උපාධිධාරී සංගමයේ සමුළුවක් අමතමින් බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ, පසුගිය රජයයන් විසින් පෞද්ගලික අංශයට විකුණා දමන ලද ටෙලිකොම් ආයතනය, රක්‍ෂණ සංස්ථාව හා ශී‍්‍රලංකන් ගුවන් සමාගම නැවත වරක් රජයේ පාලනය යටතට ගෙන ඇති බවයි. එමෙන්ම, සේවකයින් 600,000 කට සීමා කරන ලද රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මේ වන විට මිලියන 1.2 දක්වා ඉහල නංවා තිබෙන බවද බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි ඡුන්ද මිලියන 1.8 කින් ජයගැනීමට මෙම කරුණුද ඉවහල් වූ බව බැසිල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.Colombo, Mar 02 (LNR) - රජයට අයත් ආයතන පෞද්ගලීකරණය නවතා දමා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්ති නිසා හැකියාව ලැබි තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

