Colombo, Mar 02(LNR) - දුෂ්කර ගම්මාන යනුවෙන් නම්කොට නොසැලකිල්ලට ලක් කොට තිබූ ග‍්‍රාමීය ගම් හඳුනාගෙන ඒවා සීග‍්‍රයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු දැන් සිදුකෙරෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
පැල්මඩුල්ලේ පැවති උත්සවයකදී රාජපක්‍ෂ මහතා අවධාරණය කලේ දුෂ්කර ගම්මාන සංකල්පය ශී‍්‍ර ලංකා සිතියමෙන් ඉවත් වීම එමගින් සිදුවනු ඇති බවයි.
අධ්‍යාත්මික සංවර්ධනය නොමැති භෞතික සංවර්ධනයකින් පලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ධර්මිෂ්ඨ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වෙනුවෙන් තම රජය කැපවී කි‍්‍රයා කරන බව පැවසීය.
