Colombo, Mar 02 (LNR) - ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසුව සෘජු ලෙසින් සිදු කෙරෙන ආයෝජනයන් හා සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීම මහින්ද රාජපක්‍ෂ රජයක ප‍්‍රතිපත්ති රාමුව තුල සිට සිදු කෙරෙන බව විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
තලංගම ප‍්‍රදේශයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැුලියක් අමතමින් ඇමතිවරයා පැවසූයේ, එම සංවර්ධන කි‍්‍රයාවලිය වේගවත් කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි.
මහාමැතිවරණයෙන් තුනෙන් දෙකක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගන්නා බව පැවසූ හෙතෙම, ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වෙනුවෙන් වියදම් කල මුදල් රටේ සංවර්ධනයට යොදවන බවද කියා සිටියේය.
