Colombo, Mar 02 (LNR) - අත්තනගල්ල රජමහා විහාරය කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගොස් මීට වසර 65 කට පමණ පෙර නවත්වා දැමූ අත්තනගලූ මහා පෙරහැර මේ වසරේ පටන් යලි ආරම්භ කිරීම වෙනුවෙන් මහා සංඝරත්නයට ශක්තිය ලබාදීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත්ව සිටී.
දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව එම පෙරහැර නවත්වා දැමූ බව එම රජමහා විහාරයේදී ඊයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වූ රාජපක්‍ෂ මහතා හට විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හිමියන් පැවසූහ.
මහනුවර ශී‍්‍ර දලදා පෙරහැරට පමණක් දෙවැනි වන ආකාරයෙන් එම මහා පෙරහැර පවත්වනු ලැබූ බව උන්වහන්සේ පවසා සිටියහ.
පෙරහැර යලි ආරම්භ කිරීමට සියළු කටයුතු සම්පාදනය කිරීමට මෙහිදී රාජපක්‍ෂ මහතා උපදෙස් දුන්නේය.
