Colombo, Mar 03 (LNR) - තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින 300,000 ක් පමණ වන රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය භාවිතා කිරීම මේ මස 25 හා 26 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය 26 වැනිදා අවසන් කල මැතිවරණ මහලේකම් කාර්යාලය මේ වන විට තැපැල් ඡන්ද පති‍්‍රකා සුරක්‍ෂිත කොට අදාල රාජ්‍ය ආයතන වෙතට තැපැල් මගින් යැවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
එම ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දැන් සම්පාදනය වෙමින් පවතින බවද වාර්තා වේ.
