Colombo, Mar 03 (LNR) - උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල සිට සහල්, පළතුරු හා එළවළු සැපයීම මේ වන විට ඉහළ ගොස් ඇතැයි වෙළඳ හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වසර 30 කට පසුව යාපනය-මහනුවර ඒ-9 මාර්ගය විවෘත කිරීම එසේ නිෂ්පාදන සැපයීම ඉහළ යෑමට හේතුව බව ඇමතිවරයා කියා සිටී.
එම හේතුවෙන්, විශේෂයෙන් සහල් මිල දේශීය වෙලඳපොලේ සැලකිය යුතු මට්ටමකින් පහල වැටී ඇති බව ගුණවර්ධන මහතා කියයි.
