Colombo, Mar 03 (LNR) - හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීම හා ඒ සඳහා වන අනුමැතිය ලබාගැනීමට පාර්ලිමේන්තුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීම වෙනුවෙන් වන ගැසට් නිවේදනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් කර තිබේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසන ආකාරයට, පුරවැසියන්ගේ ආරක්‍ෂාව හා අපේ‍්‍රල් 08 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණය වෙනුවෙන් වන ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු අවදානමක් නොගැනීමට තිබෙන රජයේ කැපවීම මෙමගින් පෙන්නුම් කෙරේ.
එල්ටීටීඊ සංවිධානය පසුගිය මැයි මාසයේදී පරාජය කලද, ඉතිරිව සිටින කොටි සාමාජිකයින් මහජන ආරක්‍ෂාවට තර්ජනයක් වන කි‍්‍රයා සිදු කිරීමේ සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරු වන බවද එහි වැඩිදුරටත් දැක්වේ.
