Colombo, Mar 03 (LNR) - අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ති‍්‍ර ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ අනාගතය විනාශ කලේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා බවට චෝදනා කරමින් ඔහුගේ බිරිඳ වන දිල්රුක්‍ෂි සූරියආරච්චි මහත්මිය එම පක්‍ෂයේ තමන් දැරූ සියළුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ බව ප‍්‍රකාශ කරමින් සූරියආරච්චි මහත්මිය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, සමරවීර මහතා උත්සාහ කරන්නේ තමන් පමණක් පාර්ලිමේන්තුවට යෑමට පමණක් බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.
සූරියආරච්චි මහතාගේ සියළුම දේශපාලන අභිමතාර්ථ වෙනස් කලේ සමරවීර මහතාගේ දේශපාලන ඉලක්ක නිසා වුවද, 2005 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් විශාල කැපකිරීමක් කල ඔහු ජනාධිපතිවරයාටම එරෙහිව පාවිච්චි කිරීමට ශී‍්‍රලනිප (ම) නායකයා කටයුතු කල බවට ඇය චෝදනා කරන්නීය.
එක්සත් ජාතික පෙරමුණ යටතේ මහා මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප (ම) කණ්ඩාමේ නායිකාව වන ඇය මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වනවාද යන්න පිලිබඳව මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කොට නොමැත.
