Colombo, Mar 03 (LNR) - පිලියන්දල පිහිටි හෂාන් තිලකරත්න මහතාගේ නිවස සෝදිසි කොට ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුව ඔහුගේ ඥාති සහෝදරයෙකු වන හයිකෝප් සමාගමෙහි අයිතිකරු බව කියන දනූන තිලකරත්න මහතා සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කොට තිබේ.
ඊයේ එම සෝදිසි කිරීම සිදු කිරීමෙන් අනතුරුව තිලකරත්න මහතාගෙන් කටඋත්තර ලබාගැනීම අද සිදුව තිබේ.
රැඳවුම් භාරයේ සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන දනූන තිලකරත්න මහතාට අයත් හයිකෝප් සමාගම යුද හමුදාව සමග ගනුදෙනු වලදී වංචා කර තිබෙන බවට චෝදනා එල්ලව තිබේ.
දනූන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කොට ඇත.
