Colombo, Mar 04 (LNR) - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රජයේ වැඩපිලිවෙලට සහාය පලකරමින් වෘත්තීය සමිති රැුසක් රජයට එක්වෙමින් සිටින බව ජනමාධ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඊයේ දිනයේදී ලේක්හවුස් ආයතනයේ සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයින් 150 දෙනෙකු රජය හා එක් වූ බව ඇමතිවරයා කියා සිටී.
ඉදිරියේදී තවත් වෘත්තිය සමිති රැුසක් රජය හා එක්වීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.
