
Colombo, Mar 04 (LNR) - එක්සත් ජාතික පක්‍ෂ වයඹ පලාත් සභා මන්තී‍්‍ර සුදත් චන්ද්‍රසේකරගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීම වලක්වාලමින් කොලඹ දිසා විනිසුරු ලෆාර් තාහිර් අද වාරණ නියෝගයක් නිකුත් කලේය.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා මහලේකම් තිස්ස අත්තනායකට නිකුත් කල එම නියෝගය මාර්තු 18 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්වමින් ජනරාල් සරත් ෆොන්සේකා විවේචනය කිරීම හේතුවෙන් එජාපය තමන්ට එරෙහිව පියවර ගැනීමට යන බව චන්ද්‍රසේකර මහතා තම පෙත්සමෙන් දන්වා තිබේ.
