Colombo, Mar 04 (LNR) -බෙල්ජියමේදී නීතිවිරෝධීව මුදල් ගණුදෙනුවල යෙදුනු බවට චෝදනා ලැබ සිටින ජනරාල් සරත් ෆොන්සේකාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන සේනක ද සිල්වාට එරෙහිව මෙරටදී නීතිපතිවරයා නීත්‍යානුකූලව කටයුතු කිරීමට යයි.
අන්තර්ජාලය හරහා ඔහු ශී‍්‍ර ලංකාවේ ක‍්‍රියාත්මක ජාත්‍යන්තර බැංකුවකට අනියම් ලෙසින් මුදල් එවා ඇති බවට චෝදනා එල්ලව තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් බෙල්ජියමෙන් පැමිණෙනු ඇත.
මේ වන මෙරට විට අත්අඩංගුවේ පසුවන සැකකරු නොමැතිව බෙල්ජියමේ අධිකරණයක් ඔහුට අවුරුදු දෙකක සිරදඩුවමක් නියම කොට තිබේ.
