Colombo, Mar 05 (LNR) -මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීමට වෙරලාරක්‍ෂක බලකායක් මගින් අමිල සේවයක් ඉටු කල හැකි බව, ශී‍්‍ර ලංකා වෙරලාරක්‍ෂක බලකාය නිල වශයෙන් ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ගාලූ වරායේදී පැවති උත්සවයකදී ප‍්‍රකාශ කලේය.
දිවයිනේ වෙරල තීරය ආරක්‍ෂා කිරීම තුලින් ජාතියේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය සහතික වන අතර, මිනිස් ජාවාරම් කටයුතු හේතුවෙන් පලූදු වීමේ අවදානමට මුහුණ පා තිබෙන විදේශයන් සමග සබඳතා යලි ශක්තිමත් කල හැකි බවද රාජපක්‍ෂ මහතා අවධාරණය කලේය.
ශී‍්‍ර ලංකාවේ මුහුදු කලාපය 20 ගුණයකින් වැඩි කිරීම සඳහා වන ඉල්ලීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතට ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
