Colombo, Mar 05 (LNR) -එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා හට ඕෆන්ස් ඉන්ටර්නැෂනල් වර්ල්ඞ්වයිඞ් සංවිධානයේ ගෝලීය පුරවැසි සම්මානය ප‍්‍රදානය කොට තිබේ.
කොහොන මහතා සිදුකර ඇති සමාජ සේවය තුලින් මනුෂ්‍ය වර්ගයාට අත්වී ඇති යහපත අගය කරමින් එම සංවිධානය නිව්යෝර්ක්හි වෙබ්ස්ටර් ශාලාවේ පැවති උත්සවයකදී ඔහුට අදාල සම්මානය ප‍්‍රදානය කලේය.
වසර 1999 දී පිහිටුවන ලද ඕෆන්ස් ඉන්ටර්නැෂනල් වර්ල්ඞ්වයිඞ් සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව කටයුතු කරයි.
