Colombo, Mar 05 (LNR) - ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කි‍්‍රයාවේ යෙදවීම සාර්ථකව සිදු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
පසුගියදා ගම්පහදී පැවති ජනහමුවකදී බැසිල් රාජපක්‍ෂ මහතා පැවසූයේ, ‘මහින්ද චින්තනය’ යථාර්ථයක් බවට පත් කොට රටපුරා වේගවත් සංවර්ධනයක් සිදුකොට ඇති බවයි.
එජනිස ගම්පහ දිස්ති‍්‍රක් නායකයාද වන ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, විශාල සම්පත් ප‍්‍රමාණයක් හිමි ගම්පහ ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීල් රූපසිංහ මහතාද මෙම ජනහමුව ඇමතීය.
වත්තල නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ උප නගරාධිපති මොහොමඞ් නවුෂාඞ් හා මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක සාලිය සරත් කුමාර යන මහත්වරුන් මෙහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට සහයෝගය දැක්වීමට එක් විය.



