Colombo, Mar 05 (LNR) - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටියදී අභාවප‍්‍රාප්ත වූ ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ බිරිඳ වන දිල්රුක්‍ෂි සූරියආරච්චි මහත්මිය ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී රජයට තම සහාය පලකොට සිටියාය.
ශී‍්‍රලනිප (ම) පාර්ශ්වයේද කලක් කටයුතු කල සූරියආරච්චි මහත්මිය, එහි නායක මංගල සමරවීර මහතා සමග මතගැටුම් නිසා ඉන් ඉවත්ව පසුව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූවාය.
එම පෙරමුණ යටතේ ඇය ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේල් 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමටද නියමිතව සිටියාය.
