Colombo, Mar 05 (LNR) - ජනරාල් සරත් ෆොන්සේකාගේ බෑණා වන දනූන තිලකරත්නගේ මවට අයත් බැංකු සේප්පුවක තිබී රු. මිලියන 75 ක මුදලක් සොයාගැනීම සම්බන්ධයෙන් ජනරාල්වරයාගේ ආධාරකරුවෙකු බව කියන රාජගිරිය සෝලිස් අයිතිකරු සංජීව ජයවර්ධන හෙවත් සංජීව කුමාර අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් හර්ෂ සේතුංග අද වරෙන්තුවක් නිකුත් කලේය.
රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු පෙබරවාරි 16 වැනිදා රටින් පලාගොස් ඇති බවයි.
එමනිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බව රහස් පොලිසිය කියා සිටියේය.
අදාල මුදල ජනරාල් ෆොන්සේකාගේ කාර්යාලයේ සිට අදාල පෞද්්ගලික බැංකුවට ප‍්‍රවාහනය කර ඇත්තේ සංජීව කුමාර නමැත්තා බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
