Colombo, Mar 06 (LNR) -ජර්මනියේ වෙසෙන දෙමල ජාතිකයින් බියගන්වා ඔවුන්ගෙන් මසකට යුරෝ 50 බැගින් කප්පම් ලබාගෙන එල්ටීටීඊ සංවිධානයට ලබාදුන් බව කියන ජර්මන් හා ශී‍්‍ර ලංකා ජාතිකයින් සයදෙනෙකු එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
බීබීසී සංදේශය පවසන ආකාරයට, එසෙන් ප‍්‍රදේශයේ පිහිටි දෙමල සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානය ඇතුළුව ස්ථාන අටකදී සිදුකරන ලද සෝදිසි කිරීම්වලදී මෙම සැකකරුවන් අල්ලාගෙන ඇත.
ජර්මනියේ සිටින නියෝජ්‍ය ශී‍්‍ර ලංකා තානාපති මේජර් ජනරාල් ජගත් ජයසූරිය පවසන ආකාරයට, එල්ටීටීඊය ශී‍්‍ර ලංකාවේදී පරාජයට පත්වූවද, එය තවමත් යුරෝපා රටවල නොයෙකුත් වේශයෙන් කි‍්‍රයාත්මකව පවතී.
