Colombo, Mar 06 (LNR) -දෙදහස් හතර වසරේ හටගත් සුනාමි ව්‍යසනයට පෙර මෙරට කි‍්‍රයාත්මක වූ 850 ක් වූ රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව මේ වන විට 1,307 දක්වා වැඩි වී තිබෙන බව පවසන රජය, එවැනි සංවිධානවලට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි විභාග කිරීමට කමිටුවක් පත් කරයි.
රාජ්‍ය නොවන සංවිධාන කටයුතු පිලිබඳ ලේකම් ඩග්ලස් නානායක්කාර මහතා කියා සිටින ආකාරයට, මෙම පැමිණිලි බහුතරයකින් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන නීතිවිරෝධී මූල්‍ය කටයුතුවල යෙදී සිටින බවයි.
එවැනි පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විමර්ශන සිදු කරන බවත්, අදාල සංවිධානවලට එරෙහිව රටේ පවතින නීතියට අනුව කටයුතු කරන බවත් ඔහු පවසයි.
දැනට දිවයිනේ කි‍්‍රයාත්මක දේශීය රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 950 ක් වන අතර, ඉතිරි 357 විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වේ.
